On our second day in the kitchen....
On the second day, we gathered at the community kitchen with our team hoping to cook a meal following the previous day's success. The main problem we faced on the second day of the community kitchen, was that there was no water for cooking because of power cuts. Yet, we didn’t stop work just because we didn’t have water as the children of the Kirilipana estate were arriving and needed to be fed.
The necessity for learning was as strong as the need for nourishment so we started a small class for the children taught by university-educated people from the estate itself. While they were having lessons, we would find a way to feed them.
We found adequate mung beans in the ‘Udhaw almaariya’ (Help Cabinet). With difficulty, we found a way to fill a barrel of water, and boil the mung beans for the children. Accompanied by pol sambol, that day’s meal was managed.
We noticed that the class was even more successful than we imagined. Because we had explained to the parents the concept on the first day, there was a lot of support and enthusiasm which made a difference.
After learning the concept of the community kitchen the children also found something to contribute. That day they brought some oranges. So there was fresh orange juice for everyone on top of the food. The children also started helping with other extra activities.
At the end of the day, we discussed our plans and how to be ready for power cuts. We discussed at length how to improve the small class into a community school with the Ceylon youth movement and the helping cabinet team. We came up with a small action plan for this.
We thank the following beloved community members for helping at the community kitchen on 4-7-2022.
1. Lakmal Galappaththi
2. Ravindu Madhuranga
3. Hasitha Madushan
4. Radika Eshadi
5. Nadeesha Rathnayake
6. Dinesha Kankanamage
7. Jeevantha Prabudhdhima
8. Dr. Sahan Perera
9. Rukshila WEttamuni
10. Lilanka Boteju
11. Dhanapala Panditha
This is not a donation concept. The strengthening through the community itself is in process. There is a really good response to the community school. This work is above to continue because of the hearts of the Sri Lankans on the island and across the ocean. WE need your support to continue this work.
ප්‍රජා මුලු තැන් ගෙය - දෙවන දවස
2022- ජුලි 04 වන සඳුදා..
කිරිළිපන වතු යායේ දරුවන්ගේ ආහාර අවශ්‍යතාවෙනුවෙන් සංවිධානය වුණ පුජා මුලුතැන්ගේ දෙවැනි දවස අරම්භයේදීම අපි මුහුණ දෙන්න වුණ ප්‍රධානම ගැටලුව වුණේ, විදුලිය විසන්දිවීම නිසා උයන්න අවශ්‍යය වතුර නොමැති වීමයි. හැබැයි වතුර නෑ කියලා අපි වැඩේ නැවැත්තුවේ නෑ. මේ වෙද්දී දරුවෝ ටික මධ්‍යස්ථාන භුමියට පැමිණෙමින් තිබුණා.
දරුවන්ගේ කෑම අවශ්‍යතාවය පරයා යමින් නැගගමින් තිබුණු ඉගෙනුම් අවශ්‍යතාවය පිළිබඳව වැඩක් ගැනත් හිතලා අපි අද ඒ වැඩෙත් පටන් ගත්තා. අපේ කිරිළිපන වතුයායෙන්ම දිරියෙන් විශ්වවිද්‍යාල කඩඉම ජයගත් අපේම සහෙහෝදරියක් දරුවන් වෙනුවෙන් පොඩි පංතියක් අද පටන් ගත්තා. පංතිය යන අතරේ කෑම දෙන්න පුළුවන් විදිය ගැන අපි හිතුවා. ඒ කියන්නෙ අධ්‍යාපනයයි ආහාර අවශ්‍යතාවයයි දෙකම ලබාදෙන විදියක්.
මේ වෙද්දී උදව් අල්මාරියෙන් ලැබුණු ආහාර ද්‍රව්‍ය අතර මුං අට අපිට අදට ඇති වෙන්න තිබුණා. ඉතිං අපි කොහොම හරි වතුර බැරල් එකකට පුරවාගෙන දරුවන්ට කන්න දෙන්න මුං ඇට තැම්බුවා. පොල් සමඟ ලුනුමිරිස් හැදුවා. එදා ආහාර වෙලා අපි මුං ඇට වලින් පිරිමහ ගත්තා.
ආරම්භ කරපු පංතිය හිතුවටත් වැඩා හොඳටම වෙන බව අපිට දැනෙන්න ගත්තා.පළවෙනි දවසෙ දෙමව්පියන්ට සහ දරුවන්ට කරපු පැහැදිළිකිරීම් මත එයාලගෙ සහයෝගය සහ උනන්දුව ඒකට ගොඩක් හොඳ මූලාශ්‍රයක් වෙලා තිබුනා.
පොදු මුළුතැන්ගෙය සංකල්පය ගැන ඉගනගත්ත දරුවො එයාලට හොයාගන්න පුළුවන් මොනවමහරි දැන් අරගෙන එනවා. එයාලා එදා දොඩම් ගෙඩි හොයාගෙන ඇවිත් තිබුනා. ඉතින් එයාලාට ප්‍රජා පාසලේ ඉගනගන්න අතරතුර හැමෝටම දොඬම් යුශ වීදුරුවක රස බලන්නත් පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි දරුවො එයාලගෙ ක්‍රීඩාව වගේම අමතර ක්‍රියාකාරකම් වලටත් දවසින් දවස යොමු වෙන්න ගත්තා.
දවස අවසානයේ අපි හෙට වැඩේ ගැනත් කතා කර ගත්තා. විදුලිය විසන්දිවීමට ඉදිරියේදී මුහුණු දෙන්න පුළුවන් විදියට අපි සුදානම් වෙන්න තීරණේ කළා.
හෙට දරුවන්ට දෙන ආහාරවෙල සහ මේ පුංචි පංතිය ප්‍රජා පාසලක් දක්වා සංවර්ධන කරන්නේ කොහොමද කියන එක අපි තරුණ ව්‍යාපාරය සහ උදව් අල්මාරිය කණ්ඩායම එක්ක දිග සාකච්ඡාවක් කළා. මේ වෙනුවෙන් වැඩපිවෙලක් සකස් කරන්න සාකච්ඡාව අවසානයේ තීරණේ වුණා.
2022- 07- 04 වන දින ප්‍රජා මුලුතැන් ගේ සඳහා සහය වුණු අපේම ආදරණයයන් පහතින් දක්වලා තියෙනවා.
ඒ හැමෝටම අපි ස්තූති වන්ත වෙනවා.
01) Lakmal Galappaththi
02) Ravindu Madhuranga
03) Hasitha Madushan
04) Radika Eshadi
05) Nadeesha Rathnayake
06) Dinesha Kankanamge
07 ) ජීවන්ති ප්රබුද්ධිමා
08) වෛද්‍ය සහන් පෙරේරා
09) රුක්ශිලා වෙත්තමුණි
10) ලිලන්කා බොතේජු
11) ධනපාල පණ්ඩිත
මේක කොහෙත්ම සහනාධාර සංකල්පයක් නෙවෙයි. ප්‍රජාව තුලින් ම ඔවුන් ව සවිබල ගැන්වීමේ ව්‍යාපෘති මේ වනවිටත් අප ගනිමින් සිටිනවා. ප්‍රජා පාසැලටත් ඉතා හොඳ ප්‍රතිචාර මේ වනවිට තිබෙනවා.
මේ වැඩසටහන් මේ විදියට ක්‍රියාත්මක වෙන්නෙ ලංකාවතුල සහ වෙරළෙන් එහා සිටින අපගේ ආදරණීය ලාංකික හදවත් නිසා. ඉතින් තවදුරටත් මේ කාර්යය ඉදිරියට ගෙනියන්න අපට ඔයාලගෙ සහය අවශ්‍යයි.
කතා කරන්න අපට,
කස්තුරි - 0770425588
කිරිළිපන ප්‍රජා මුළුතැන්ගෙය සංවිධායක
නාමිණී - 0713184229
ජාතික සංවිධායක
උදව් අල්මාරිය
ලහිරු - 0717176924
සංවිධායක
ලඞකා තරුණ ව්‍යාපාරය
No comments:
Post a Comment