Day six "Let's make payasam"



Saturday 9th July 2022

When the children came to the community kitchen this morning, they brought oil, incense sticks and flowers to light the candles for the religious ceremony. They had thought of all those things without our notice. Beautiful flower baskets had been made and brought. They also spontaneously cleaned the centre. 

We made a schedule according to their grades for them and asked them to come to the class according to that schedule. After the classes, they joined the cooking and cleaning. 

The children themselves requested to prepare payasam, a Tamil dish, for tomorrow's meal. 


"Let's make payasam tomorrow. We don't need rice, teacher." This is their request. So the community kitchens got ready for that by taking the items needed for that request. Also, a very nice request came from the children today.

"Miss, these days it's hard for us to eat. So the animals also have enough, right? The animals come and eat, teacher. They don't have much fruit to eat these days. Let's make a bird bench to feed the animals..."

So the children decided to share their food not only with everyone in the community and with the animals around. They dug holes to make the bird bench today. They said that they themselves will bring the nails and planks needed for the rest of the work tomorrow.

Today's meal was sprats, lentils and soy meat. Nearly 45 children participated. They did a lot of work related to the garden. Many of these things were done by the children themselves.

 Math class was today. Children joined in groups.

They played a lot. Worked very enthusiastically. Six or seven young children also participated in today's work. They are working hard to make this work beautiful day by day.

ප්‍රජාමුලුතැන් ගෙය - හයවන දවස
2022- ජූලි - 09 වැනි සෙනසුරාදා 

අද උදේම ළමයි මධ්‍යස්ථානය වෙත එද්දී ආගමිකවතාවත් කරන්න පහන් පත්තු කරන්ක තෙල්, හඳුන්කූරු වගේම මල් අරගෙන ආවා. ඒ සියලු දේවල් අපේ දැනුම්දීමකින් තොරව එයාලම හිතලා ගෙනල්ලා තිබුණා. ලස්සනට මල්වට්ටි හදලා ගෙනල්ලා තිබුණා. 


මධ්‍යස්ථානය පිරිසිදු කරන එකත් එයාලා නිරායාසයෙන්ම කළා. අපි එයාලට කාලසටහනක් හදලා දීලා ඒ කාලසටහනට අනුව තමයි පංතියට එන්න කිව්වේ.වෙලාවෙන් වෙලාවට ශ්‍රේණිය අනුව ඒ ළමයි මේ පංතියට සහභාගී වුණි. පංති ඉවරවෙලා තමයි එයාලා උයන පිහින වැඩවලට වගේම වටේ පිරිසිදු කරන වැඩවලට සම්බන්ධ වුණේ.

දරුවන්ගේම ඉල්ලීමක් වුණා හෙට කෑමට ⁣ද්‍රවිඩ කෑමක් වන පායසම් හදන්න කියලා.
" අපි හෙට පායාසම් හදමු. බත් ඕනි නෑ ටීචර් .."

මේ එයාලගේ ඉල්ලීම. ඉතිං ඒ ඉල්ලීමට අවශ්‍යය බඩු අරගෙන ප්‍රජා මුලුතැන්ගේ ඒ සදහා සුදනෙම් වුණා.
ඒ වගේම දරුවන්ගෙන් අද දවසේ හරි ලස්සන ඉල්ලීමක් ආවා.

" මිස් මේ දවස්වල අපිටත් කෑම අමාරුයි. ඉතිං සත්තුන්ටත් එහෙම ඇති නේද? සත්තුන් ඇවිල්ලා කෑම කාවි නේ ටීචර්. එයාලට කන්න මේ දවස්වල පළතුරුත් අඩුයිනේ. අපි සත්තුන්ට කන්න දෙන්න කුරුළු බංකුවක් හදමු......."
ඉතිං දරුවෝ තමන්ගේ කෑම ප්‍රජාවේ සියලු දෙනා එක්කම වගේම ඒ අවට ඉන්න සත්තු එක්කත් බෙදා ගන්න තීරණේ කරලා තබූණා. 


එයාලා අද කුරුලු බංකුව හදන්න වලවල් හැරුවා. එයාලම එහි ඉතුරු වැඩවලට අවශ්‍ය ඇන සහ ලෑලි හෙට දවසේ රැගෙන එන බව කිව්වා. හාල්මැස්සන් බැඳුම්, පරිප්පුයි සහ සෝයාමීට් තමයි අද කෑම වේල වුණේ.
ළමයි 45කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වුණා. ගෙවතුවගාවට අදාළ වැඩ කීපයක්ම කළා. ⁣මේ ගොඩක් දේවල් ළමයිමයි කළේ. 

ගණිත පංතිය තමයි අද තිබුණේ. ළමයි කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වුණා.

එයාලා හොඳට සෙල්ලම් කළා.  ගොඩක් උද්යෝගයෙන් වැඩ කළා. තරුණ ළමයි හය හත් දෙනෙකුත් අද වැඩවලට  සහභාගී වුණා. හරි උන්දුවෙන් එයලා මේ වැඩේ දවසින් දවස  ලස්සන කරන්න මහන්සි වෙලා වැඩ කරමින් ඉන්නවා.

#ceylonyouthmovement #උදව්අල්මාරිය #ලඞකාතරුණ ව්‍යාපාරය

No comments:

Post a Comment