Day three We are hopeful


Wednesday, 6th July 2022


The people of the Kirilapana estate were engaged in a fight for survival long before the 'Aragalaya' (Mass protest). Adults and children were both struggling to face daily survival and family issues. The community kitchen became a new hope for the children and every day they started to think of new ways to engage with it.

Again they had to leave the space to find water. Afterwards, every day they themselves looked at what was available and decided what to prepare for the day.  They decided to make Dhal, sprats and a mixed leaf salad (mallun.)

Today there was a total of 45 including children and young girls. While going out in search of food they came up with some insights.

‘Just like we found these leaves, we can also grow vegetables nearby. WE can grow a small home vegetable garden. ‘

Today we taught Sinhala in the small class we started. There was a new request from the youth.


‘People are laughing at us saying we are going to cook and wash dishes. If we can start learning English, we can tell them we are going for an English course. If we make our own food and wash dishes while doing an English course, that’s not a big deal.’

Like this, while the children, youth and parents engage in the community kitchen activities, they contemplate, brainstorm and come up with various solutions and ideas for their daily and family issues. Issues that are complex and interlinked.

We can continue to support these plans. A lot of people living in and out of the country are helping with this.

#ceylonyouthmovement

#උදව්අල්මාරිය




ප්‍රජා මුළුතැන්ගේ තුන්වන දවස

(2022- ජූලි මස-06 වන බදදා)

කිරිළිපන වතුගම්මානයේ ජීවත් වන මිනිස්සුන්ගේ ජීවිත අද නෙමෙයි අරගල පැමිණෙනත් කලින් ඉදලම තිබුණේ ජීවින අරගලයක. දෛනික අවශ්‍යතා සපුරා ගැනීමේ ඉදලා පවුල ඇතුලේ පැන නඟින අවශ්‍යතා වෙනුවෙන් වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් මේ වෙනුවෙන් වෙහෙස මහන්සිවෙන්න ⁣වුණා. ඉතිං ප්‍රජා මුලුතැන්ගෙන ආරම්භ කිරීම දරුවන්ට අලුත් බලාපොරොත්තුක් වුණේ නිරායාසයෙන්මයි. ඔවුන් දවසින් දවස මේ ගැන අලුත් දේවල් හිතන්න පටන් අරන්. 

මෙදිනත් උයන්න අවශ්‍යය වතුර ගේන්න එයාලට මධ්‍යස්ථානයෙන් එළියට යන්න වුණා. වතුර අරගෙන ඇවිල්ලා කුස්සියට අවශ්‍යය දේවල් එක්කරගෙන උයන්න ඕනි මොනවද කියන එකත් එයාලම තීරණේ කළා. පරිප්පු හාල්මැස්සන් හා කවලම් පලා මැල්ලුමක් එයා හදන්න තීරණේ කළා. 

අද කණ්ඩායමේ කුඩා දරුවන් සහ නවයොවුන් තරුණියන් ඇතුලුව 45 පමණ කණ්ඩායමක් හිටියා. එයාලා උයන්න දේවල් ගෙන්න එළියට යද්දී සහ අවශ්‍යය දේවල් හොයන් ගනිද්දී එයාලා තේරුම් ගත්ත දෙයක් තිබුණා.

"මේ පලා කොළ හොයා ගත්තා වගේ. අපි පුළුවන් නේ එළවලු එහෙමත් මේ ලගින්ම වවා ගන්න. අපිට පුළුවන් පුංචියට ගෙවත්තක් හදා ගන්න…"

අපි පටන් ගත්ත පුංචි පංතියේ අද සිංහල විෂයත් ඉගැන්නුවා. නව යොවුන් තරුණ තරුණියන්ගෙන්  තව විශේෂ ඉල්ලීමක් ආවා.


" ගොඩක් අය අපි⁣ට විහිලු කරනවා. උයන්න යනවා. වලං හෝදන්න යනවා කියලා… අපිට අලුතින් ඉංග්‍රීසි පංතියක් පටන් ගන්න පුළුනන් නම්….. ඒ කියන්නේ ඉංග්‍රීසි පාඨමාලාවක්… අපිට පූළුවන් කියන්න අපි යන්නේ වලං හෝදන්න නෙමෙයි. ඉංග්‍රීසි කෝස් එකක් කරන්න කියලා. ඒකට යන ගමන් උයාගෙන කන එක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ…."

දවසින් දවස එයාලා මේ ගැන හිතමින් ඉන්නවා. එයාලගේ ඇතුලේ එක එක අදහස් එළියට එනවා. මේ ජීවිත අතුලේ පවුල් ඇතුලේ තියෙන එකකට එකක් බැදුණු ප්‍රශ්න ගොඩක් එක්ක උස්මහත් වෙන මේ තරුණ ප්‍රජාව වගේම දරුවනුත් දෙමාපියන් එක්ක ජීවිත වෙනුවෙන් වෙහෙසෙනවා. එවත් තත්ත්වයක් ඇතුලේ දවසින් දවස ප්‍රජා මුලුතැන්ගෙය ඇතුලේ ඇතිවෙන පුංචි පුංචි ක්‍රියාකාරකම්, දවසින් දවස එයාලව හිතන්න පොළඹවනවා.

ප්‍රජා ගෙවත්තක් නිර්මාණය කරමු. අලුතින් ඉංග්‍රීසි ඉගෙන ගමු කියන සිතුවිලි එයාලට ඇවිල්ලා තියෙනවා. මේ වෙනුවෙන් මැදිහත්වීම දිගටම අපිට කරන්න පුළුවන්…

රටතුළ වෙසෙන වගේම විදේශීය ලාංකියන් රැසක් ඔවුන් වෙනුවෙන් මේ සඳහා සහය දක්වනවා.

#ceylonyouthmovement 

#උදව්අල්මාරිය 

ලඞකා තරුණ ව්‍යාපාරය

No comments:

Post a Comment