Day seven Completing a week



Sunday 10th July 2022

Today is one week since the start of community kitchens for children at Kirilipana Estate, Matara Pasagoda. This was started for the food needs of children and is moving forward day by day with their own demands and hopes.


So today, on the day of completion of a week, we decided to make Payasam, a dish from the Tamil food culture, at the request of the children. In many places, this is also used as a dessert. This is a pudding-like dish made of rice, sago, yams, dates and dried grapes. They also add sugarcane jaggery to make it taste better.

Nearly 50 children participated today.

There was a Mathematics class. Children participated in these in groups. Even today, several young children came and helped with the gardening that we started. They cleaned the debris areas in the area behind the centre and removed the iluk mats.

So, like the community kitchen, this involvement of children day by day to build a community vegetable garden also added new hope for them.


ප්‍රජා මුලුතැන් ගෙය- හත්වන දවස
2022- ජූලි මස -10 වන ඉරිදා

මාතර පස්ගොඩ කිරිළිපන වතු යායේ, දරුවන් වෙනුවෙන් ප්‍රජා මුලුතැන්ගේ පටන්ගෙන අදට සතියක්. දරුවන්ගේ  ආහාර අවශ්‍යතා වෙනුවෙන් ආරම්භ කළ  මෙය දවසින් දවස ඔවුන්ගේම ඉල්ලීම්, බලාපොරොත්තු එක්ක අලුත් වෙමින් ඉදිරියට ගමන් කරමින් තියෙනවා.


ඉතිං අද සතියක් සපිරෙන දවසේ අපි මුලුතැන්ගේ ද්‍රවිඩ ආහාර සංස්කෘතියේ එන කෑමක් වන පායාසම් හදන්න තීරණේ කළේ දරුවන්ගෙම ඉල්ලීමකට.  ගොඩක් තැන්වල මේක අතුරුපසක් විදියටත් භාවිතා කරනවා. සව් හාල්, රටඉදි, වියළි මිදි එහෙම පදමට දලා හදන කැද එකක් වගේ කෑම එකක් තමයි මේක. උක්හකුරු වගේ ඒවත් දානවා මේකේ රස වැඩි වෙන්න. 

අද දරුවෝ 50කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වුණා. 


අදත් පංතිය තිබුණා. විෂය ගණිතය. මේ සඳහා දරුවෝ කණ්ඩායම් වශයෙන් සහභාගී වූණා. අපි ආරම්භ කළ ගෙවතු වගාවට අදත් තරුණ ළමයි කීපදෙනෙක්ම ඇවිල්ලා උදව් කළා. එයාලා මධ්‍යස්ථානය පිටුපස ප්‍රදේශයේ තිබුණු කෑලෑ ප්‍රදේශ සුද්ධ කරලා ඉලුක් පදුරු ඉවත් කළා.
 
ඉතිං ප්‍රජාමුලුතැන්⁣ය වගේම, ප්‍රජා ගෙවත්තක් ඉදිවෙන්න දවසින් දවස දරුවන්ගේ මේ මැදිහත්වීම එයාලටම අලුත් බලාපොරොත්තු එකතු කිරීමක් ද වුණා.

#ceylonyouthmovement #උදව්අල්මාරිය #ලඞකාතරුණ ව්‍යාපාරය

No comments:

Post a Comment