Our forth day at the kitchen



Thursday 7th July 2022

First 'Shramadanaya' campaign of Community Kitchen

In an extremely short period of time, with the speed of intervention and coming together of Lankans in and out of the country, it was possible to start the process of building the community kitchen in Kirilipana Estate.

Today was a special day for this community kitchen.  We did not prepare meals today. The community decided to clean up and clear the area to lay the foundation for a longer-term activity and kitchen. To think of durable solutions and preparations for power cuts, water shortages and other various problems.

The smallest children were asked to stay at home as their help was unnecessary and a group of 20 youth came to do the work.  There was a new excitement among the young girls and boys. They started the initial vegetable garden by planting kang kung, a long-term sweet potato that was left over in the kitchen. They cleaned the two toilets in the compound. They cleaned the whole area and made ready some fertilizer covers for growing the vegetables. They made space and volunteered to bring bottles to store the dry food rations.

Today ended with these long-term preparations for the sustainability of the community kitchen. It gives everyone great hope for tomorrow.

ප්‍රජාමුලුතැන් ගෙන හතර වන දවස...

2022 ජූලි මස - 07 වන බ්‍රහස්පතින්දා 

ප්‍රජා මුලුතැන්ගේ පළමු ශ්‍රමදානය….

ඉතාම කෙටි කාලයක් ඇතුළේ ලංකාවේ සහ විදෙස් ර⁣ටවල් කීපයක ලාංකිකයන්  එකට එකතුවෙලා සිදු කළ සාමූහික මැදිහත්වීම දවස් කීපයක් අවසානයේ කිරිළිපන වතුගම්මානයේ ප්‍රජා මුලුතැන්ගෙයක් නිර්මාණය කරන්න පාර කපනවා. 


මෙය සිදුවුණේ වේගවත් මැදිහත්වීමකින්. මේ ප්‍රජාව වෙත ප්‍රවේශවීමේ අවශ්‍යතාවය නොඅඩුව තිබුණා. එහෙම ආරම්භ කරපු ප්‍රජා මුලුතැන්ගෙට අද විශේෂ දවසක්.

 අද දවස වෙන්වුණේ මේ ප්‍රජාවේ ප්‍රජා ක්‍රියාකාරකමක් වෙනුවෙන්. අද මුලුතැන්ගේ කෑම හැදුවේ නෑ. ඒකත් මේ ප්‍රජාවගේම යෝජනාවක්. මුලුතැන්ගෙය පවත්වාගෙන යන පරිශ්‍රය පිරිසිදු කරලා දීර්ඝකාලීන වැඩකට තැන හදාගන්න ඕනි කියලා එයාලම තීරණය කරනවා. විදුලිය ඇණහිටීම්, වතුර නොමැතිවීම්, මේ එක, එක ප්‍රශ්න එක්ක මේ වැඩේ ඉදිරියට අරන් යන්න හොඳ සුදානමක් ඕනි වෙනවා. 

අද වැඩේට පුංචිම දරුවන්ට එන්න ඕනි නෑ කියාලා පෙරදින දැනුම්දීමක් කළා. අද මේ ශ්‍රමදාන වැඩේට ආවේ 20 විතර නවයොවුන් කණ්ඩායමක්.

මේ කොල්ලෝ කෙල්ලෝ අතර අලුත් පිබිදීමක් තිබුණා. එයාලා මධ්‍යස්ථාන භුමිය ගෙවත්ත විදියට සකස් කරන්න ඕනි මුලික වැඩ අද ආරම්භ කළා. කංකුන්, බතල වගේ බිම සිටුවන්න පුළුවන් කුස්සියේම වැඩවලට ගෙනාපු දේවල්වලින් ඉතුරු කරගතපු ඒවා යොදාගෙන එයාලා එවා හිටෙව්වා. මධ්‍යස්ථාන භුමියේ වෙනමම පිහිටලා තියෙන බාත්රූම් දෙකක් ගැහැණු ළමයි සහ පිරිමි ළමයි වෙන වෙනම පිරිසිදු කළා.


එවගේම මධ්‍යස්ථානය අවට ප්‍රදේශය පිරිසිදු කරමින් වැලි එකතු කොට ⁣ඉදි⁣යේ දී ගෙවත්තට භාවිතා කල හැකි පොහොර කවර සකස් කලා. 

මධ්‍යස්ථාන තුළ ප්‍රජා මුලුතැන්ගේ සඳහා භාවිතා කරන ප්‍රදේශය වෙනමම පිළිවෙල කළා. තුනපහ සහ ආනෙකුත් වියලි ආහාර ද්‍රව්‍යය පිළියෙල කලා. මේසඳහා අවශ්‍ය බෝතල් රැගෙන එන්නත් ඔවුන් ඉදිරිපත් වුණා. 

ඉතිං අද ප්‍රජා ශ්‍රමදානය ඉවර වුණේ ඊළඟ දවස්වලට ප්‍රජා මුලුතැන්ගෙය නිසිලෙස සකස් කිරීම නිමකිරීමත් එක්ක. එය හෙටට අලුත් බලාපොරොත්තු එකතු කරන්නක් වුණා.

#ceylonyouthmovement 

#උදව්අල්මාරිය 

#ලඞකාතරුණ  ව්‍යාපාරය

No comments:

Post a Comment