Day ten "Collecting fire wood was fun"



Thursday 14th July 2022

After the Poya day break, we started the work of Community Kitchen as usual today. I was able to start class work early in the morning.

The healthy food prepared in the kitchen today made everyone hungry. The reason for that was today's menu included tasty Biryani. While the biryani rice was being cooked in the kitchen, we gathered in groups to do the extra activities as usual.


Today there were 51 members of our team. Those who participated in the scholarship class came a little late. Today’s lesson was reciting and memorizing math tables according to the grades. It turned out quite fun. It was fun when everyone did this one by one. When they couldn't get it right, they also got a little nervous. Many got the 2 times table right, a few got a bit mixed up. 

It is our own intervention that makes the community kitchen evolve. Every day we think about kitchen needs. Not only thinking, but we also do some small work in the kitchen all day long. Today we finished the mealtime lessons and everyone went together to collect firewood for the kitchen. It was led by our teenage boys and girls.

So we can face many problems that are coming up and we are also thinking about whether we can take these learnings to the village as well. Thinking like that, I think that we young people can lead many things.

We the youth organized by Pasagoda Kirilipana Community Foundation...

You can also get involved with these kinds of programs conducted by the Ceylon Youth Movement and the Help cabinet across the island.


ප්‍රජා මුලුතැන්- 10 වැනි දවස

2022-ජූලි මස -14 වැනි බ්‍රහස්පතින්දා 

පොහොය දින විරාමයෙන් පස්සේ අදත් වෙනදා වගේම ප්‍රජාමුලුතැන්ගේ වැඩ අපි   ආරම්භ කළා.   පංතියේ වැඩත් උදේම පටන් ගන්නත් පුළුවන් වුණා. 

අද මුලුතැන්ගේ සැකසෙන කෑම සුවදනම් හැමෝගෙම බඩගිනි වැඩි කළා. ඒකට හේතුව, අද මෙනූ එකවු⁣ වුණේ බුරියානි. පදමට තෙලට කුස්සියේ බුරියානි බත උයද්දී වෙනදා වගේම වැඩ ටික කරන්න අපි කණ්ඩායම් විදියට එකතු වුණා.


අද අපේ කණ්ඩායමේ සමාජිකයෝ 51හිටියා. ශිෂ්‍යත්ව පංතියට සහභාගී වුණ අය ආවේ ටිකක ප්‍රමාද වෙලා. එයාලත් කෑම කාල වැඩ පටන් ගත්තා. අද අපිට ගණිතේ පාඩමට අදාළ චක්කරය කට පාඩම් දෙනන් තිබුණා. ඒක නම් ටිකක් විනෝදජනක වැඩක් වුණා. හැමෝම එකතුවෙලා එක්කෙනා එක්කෙනා මේක කරද්දී  විනෝදයක් තිබුණා. බැරිවෙද්දී ටිකක් චකිතයකුත් ආවා. හැබැයි අපි ඒක හරියට කරන්න උත්සාහ කළා. ගොඩක් අය හරියට 2ක් චක්කරේ කටපාඩම් දුන්නා. පැටලුණ අයත් හිටියා. 

ප්‍රජාමුලුතැන්ගේ ඉස්සරහට යන්නේ අපේම මැදිහත්වීමෙන්නේ. අපි දවසින් දවස කුස්සියට  ඕනි දේවල් ගැන හිතනවා. හිතලා විතරක් නතර නොවී මොනවා හරි පොඩි වැඩක් දවස ගාණේ මුලුතැන්ගේට අපි කරනවා. අද අපි කෑම කාල පාඩම් වැඩ ඉවර කරලා හැමෝම එකතුවෙලා මුලුතැන්ගේට අවශ්‍යය දර එකතු කරන්න ගියා. ඒකට නායකත්වය ගත්තෙ අපේ නව යොවුන් වියේ කොල්ලො කෙල්ලොටික.

ඉතිං ඉස්සරහට එන ගොඩක් ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න පුළුවන් වගේම අපිට මේ හැදෙන වැඩ ඇතුළේ ගමටම ඒක ගෙනියන්න පුළුවන්ද කියන එක ගැනත් අපි හිතනවා. එහෙම හිතද්දී ගොඩක් දේවල්වලට තරුණ අපිට නායකත්වය දෙන්න පුළුවන් කියලත් හිතෙනවා.

අපි පස්ගොඩ කිරිළිපන ප්‍රජාමුලතැන්ගේ සංවිධානය කරන තරුණ තරුණියන්...

#ලඞකා තරුණ ව්‍යාපාරය 

#උදව් අල්මාරිය

ලඞකා තරුණ ව්‍යාපාරය සහ උදව් අල්මාරිය එක්ව දීප ව්‍යාප්තව සිදුකරන මෙවැනි වැඩසටහන් සමඟ ඔයාලටත් සම්බන්ධ වෙන්න පුළුවන්.


No comments:

Post a Comment